පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට සිය මූලික වැටුප නොලැබෙන්නේ නම්, ඒ පිළිබඳව සිය අමාත්‍යංශය දැනුවත් කරන්නැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ, කැබිනට් අනුමැතිය පරිදි මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප් ගෙවීමට පියවර ගෙන ඇතත්, නිසි පරිදි වැටුප් නොලැබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ,වැටුප් නොලැබීම සම්බන්ද පැමිණිලි පිළිබඳව සොයා බැලීමට වහා කටයුතු කරන බවයි.