යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති එහිදී යුක්රේනයට ආර්ථික සහය ලබාගැනීම සහ රුසියාවට තවදුරටත් සම්බාධක පැණවීම පිළිබඳවයි අවධානය යොමුකර ඇත්තේ.
මේ අතර ලොව ප්‍රමුඛතම ක්‍රෙඩිට් කාඩ් සමාගම් 02 ක් වන මාස්ටර් කාඩ් සහ වීසා සමාගම් රුසියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව රුසියානු බැංකුවලින් නිකුත් කරන ලද එම කාඩ්පත් මින් ඉදිරියට ඔවුන්ගේ ජාලය තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ.
රුසියාවෙන් බැහැර රටකදී නිකුත් කරන ලද මාස්ටර් කාඩ් සහ වීසා කාඩ්පත් රුසියාව ඒ ටී එම් යන්ත්‍ර හෝ වෙළඳසැල් තුළදී භාවිත කිරිමටද අවසර නොලැබෙනු ඇති.
මේ අතර යුක්රේනයේ මරියුපොල් නගරයේ දැවැන්ත මානුෂීය අර්බුදයක් උද්ගත වී තිබෙනවා.
සටන් විරාමයකට අනුව සිවිල් වැසියන්ට පළායාමට අවසර ලැබුණද එම සටන් විරාමය ක්රියාක්මක වූයේ පැය 02 ක් වැනි සුලු කාලයක් පමණයි.
ඒ අනුව විශාල පිරිසක් තවමත් යුධමය කලාපයක සිර වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
සිවිල් වැසියන්ට අවශ්‍ය පානීය ජලය – ආහාර සහ විදුලි සැපයුම් ක්‍රම ක්‍රමයෙන් හීන වෙමින් පවතින බවද සඳහන්.
මේ අතර අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පෝලන්ත දේශ සීමාවේදී යුක්රේන රජයේ ඉහළම නිළධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා.