මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා අවධාරණය කරනවා.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදීයි අහමඩ් සාමිවරයා මේ බව සදහන් කළේ.
තවදුරටත් එම වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ප්‍රායෝගික සහ අරමුණු කරා ළගා විය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යෑමෙන් මානව හිමිකම් පිළිබද ශ්‍රී ලංකාවට ඇති සියලූ ගැටලූ නිරාකරණය කරගත හැකි වනු ඇති බව ද තාරික් අහමඩ් සාමිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අරමුණු ඉටු කර ගැනීමට සහ තාක්ෂණික බාධක ජය ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බවද අහමඩ් සාමිවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්.
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සමීප ප්‍රායෝගික මිත්‍රයෙකු ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානමින් සිටින බව ද සාමිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.