මානව හිමිකම් සම්බන්ධයෙන් පූර්වගාමී කොමිෂන් සභාවල හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ ලබන වසරේ ජනවාරි 21 වන දින දක්වායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි 21 වන දින මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවා.
එහි අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 06 ක කාලයක් ලබා දී තිබූ අතර එම කාලය ජුලි මස 21 වන දිනෙන් අවසන් වුණා.
කොමිෂන් සභාවේ කටයුතු තවදුරටත් සිදුකිරීම සදහා එහි කාලය මාස 06 කින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුක්තව අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කර තිබෙනවා.
