මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමකින් බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද (08) මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් මේවනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සදහන් කළේ.
මියගිය පුද්ගලයා ගල්මුරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් පමණ වන අයෙක්.
සිද්ධීයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මාදම්පේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.