අද සිට අඛණ්ඩව දින හතරක් පාර්ලිමේන්තුව රැස්වනවා.
අද දිනයේදී පාර්ලිමේන්තුවේ දී සභාව කල්තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති.
පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
ලබන සිකුරාදා දිනයේදී ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් ද අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.
