රටේ ආර්ථීකය මෙතරම් දුර්වල මට්ටමක පවතින අවස්ථාවක ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් සිදු කිරිම සැක සහිත බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල බැදුම්කර ගෙවිම මගින් මහ බැංකු අධිපතිවරයා යම් අයුතු වාසියක් ලබා ගන්නේද යන්න සාධාරණ සැකයක් මතුවන බවයි.
මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක්වුනා.
ලොව ප්‍රධාන රටවල් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත නැඹුරු වීම විශේෂ සංඥාවක් බවයි ඇය කියා සිටියේ.