ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 206.8 ක් වටිනා රත්‍රං සංචිතයක් විකුණා දමා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා අනාවරණය කරනවා.
පසුගිය නොවැම්බර් 21 වනදා වනවිට මෙරට රන් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 382.2 ක් ලෙස පැවති අතර දෙසැම්බර් 21 වනදා වනවිට එය මිලියන 175.4 දක්වා අඩුවී ඇති බවයි මහ බැංකු සංඛ්‍යාලේඛණ උපුටා දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ.
එමෙන්ම නොවැම්බර් 21 වනදා වනවිට ඩොලර් බිලියන 1.588 ක් ලෙස පැවති මෙරට සමස්ත විදේශ සංචිත ප්‍රමාණය දෙසැම්බර් 21 වනදා වනවිට ඩොලර් බිලියන 3.137 දක්වා ඉහළ ගොස් ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
https://twitter.com/HarshadeSilvaMP/status/1479436059016531968?s=20