අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ළකුණු 23 ක ජයක් හිමිවුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 216 ක්.
ෂිවම් ඩුබේ 95 යි.
රොබින් උතප්පා 88 යි.
වනිඳු හසරංග ළකුණු 35 කට කඩුලු 02 යි.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 193 යි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විූ මහීෂ් තීක්ෂණ ළකුණු 33 කට කඩුලු 04 ක්ද රවීන්ද්‍ර ජඩේජා ළකුණු 39 කට කඩුලු 03 ක්ද බිඳ හෙලුවා.
