කලුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාරගැනීමට නියමිත බවටයි වාර්තා පළවන්නේ.
කෙසේවෙතත් එවැනි ඉල්ලා අස්වීමේ ලිපියක් මේ දක්වා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලැබී නොමැති බව නිව්ස් රේඩියෝ කල විමසීමකදී තහවුරු වුණා.