ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.
වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ අද (25) පෙරවරුවේ මන්ත්‍රිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි.
අමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්විීම භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම පිළිගනිමින් තමන් මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිධූරයෙන් ඉල්ලා අස්වන බවයි මහින්ද සමරසිංහ මහතා පසුගියදා සඳහන් කළේ.
ඒ අනුව තමන් මෙම මස 29 වනදා වනවිට අමරිකාව බලා පිටත්ව යන බවද ඔහු සඳහන් කළා.