මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කලුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණ කුමාර මහතා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටයි අද රැස්වූ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත්තේ.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 62 වන වගන්තිය ප්‍රකාරවයි මනාප ලැයිස්තුවේ මීලගට සිටින මංජුල ලලිත් වර්ණ කුමාර මහතා පත්කෙරෙන්නේ.
2020 මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර මහතා මනාප ඡන්ද 46,361 ක් හිමිකර ගනු ලැබුවා.