පලස්තීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ මිත්‍රශීලී ප්‍රතිපත්තිය කිසිදු ආකාරයකින් වෙනසකට භාජනයවී නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් මහතා අවධාරණය කරනවා.
සමගි ජන බලවේගයේ මන්ත්‍රි ඉමිතියාස් බාකීර් මාකර් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි විදේශ අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
මීට පෙර සෑම අවස්ථාවකදීම දකුණු අප්‍රිකාව සහ පලස්තීනය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ ස්ථාවරය මෙරට රාජ්‍ය නායකයන් එක්සත් ජාතීන්ගේ සමුලුවේදී සදහන් කළද මෙවර එය ප්‍රකාශ නොකළේ ඇයිදැයි ඉමිතියාස් බාකීර් මාකර් මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කළා.
විදෙස් රටවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වෙනස් වී ඇත්දැයි මන්ත්‍රිවරයා එහිදී විමසා සිටි අතර ඔහුගේ ප්‍රකාශයට විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පිළිතුරු ලබා දුන්නා.
මහින්ද රාජපක්ෂ මහතා නමින් පලස්තීනයේ මාවතක්ද නම්කර ඇති බවත් පලස්තීනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ එම මාර්ගයේ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.