හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම 02 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර දුන්නේ ය.
පෙත්සම් ගොනුකර ඇත්තේ, අක්‍රමවත් මූල්‍ය කළමණාකරණය හේතුවෙන් අප රට තුළ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලමිනි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දින ගණනාවක් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ඒවා විභාගය සඳහා විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්නේ ය.
අක්‍රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ජයරත්න – මහාචාර්ය මහීන් මෙන්ඩිස් පුමුඛ පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (07) ශේෂ්ඨාධිකරණය හමුවේ සැලකිල්ලට ගැනීණි.අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරයේ, එල්.ටී.බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් ඇතුළු 39 දෙනෙකි.
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික වූ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න සහ ප්‍රකට පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලින් ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල පැමිණිලිකරුවෝ වෙති.
