පසුගිය මැයි 09 වනදා ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි සමාජවාදි තරුණ සංගමය ප්‍රශ්න කරනවා.
මාධ්‍ය හමුවක් කැදවමින් එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා කියා සිටියේ සාමාන්‍ය ජනතාවට බලපැවැත්වෙන නීතිය මෙම දේශපාලනඥයින් සදහා ක්‍රියාත්මක නොවීම දැඩිලෙස හෙළා දකින බවයි.
