ජිවන වියදම ඉහල යාම , ඉන්ධන සහ ගැස් අර්බුධයට සහ විදුලි කප්පාදුවට එරෙහිව නාවලපිටිය නගරයේ (07) දින උද්ඝෝෂණයක් පැවැත්විණ.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
නාවලපිටිය දිස්ත්‍රික් රෝහල අසලින් ආරම්භ කල විරෝධතා පෙලපාලිය නාවලපිටිය ගිනිගත්හේන මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණි අවස්තාවේ නාවලපිටිය පොලිසියේ නිලධාරින් විසින් මාර්ග බාධක යොදා විරෝධතා පෙලපාලිය නතර කිරිමට උත්සහ කලහ.
එම අවස්තාවේ පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වු අතර , මාර්ගය අවහිර කරමින් යොදා තිබු මාර්ග බාධක පෙරලා දමමින් උද්ඝෝෂකයන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මහින්දානන්ද සංවර්ධන පදනම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය දැක්විය.
පසුව උද්ඝෝෂකයන් නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලව වෙත ගොස් ප්‍රාදේශිය ලේකම්වරයාට ලිපියක් භාර දිමට කටයුතු කෙරිණ.
නාවලපිටිය නගරය පුරා යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන ඒකකයේ නිලධාරින් යෙදවා තිබුණි.
උද්ඝෝෂණය හේතුවෙන් නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය පැයකට අධික කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
