නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට අවස්ථාවක් දෙන්නැයි තලේබාන් සංවිධානය විසින් ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කණ්ඩායමේ විදේශ අමාත්‍යවරයා විසින් කල මෙම ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින් සළකා බැලීමට නියමිතයි.
අමෙරිකාව – චීනය – රුසියාව ඇතුලු සාමාජික රටවල් 09 ක් එම කමිටුවට ඇතුළත්.
මේ අතර තලේබාන් පාලනය විසින් සිය ජගත් සංවිධාන තානාපති ලෙස කටාර් රාජ්‍යයේ සිටින සිය ප්‍රකාශකවරයා පත් කර තිබෙනවා.