මහා බි්‍රතාන්‍යයේ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පළමු වරට ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී එරටින් සටහන්වූ ආසාධිතයන් ගණන එක් ලක්ෂ 6122 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
ඔමික්‍රොන් වෛරසයේ බලපෑමයි මීට හේතුවී ඇත්තේ.
මේ අතර අපේක්ෂා කල මට්ටමට වඩා ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම තරමක් අඩු බව බි්‍රතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේදී සිදුකල අධ්‍යයනවලදී හෙළිවී තිබෙනවා.
සෙසු ප්‍රභේදවලට සාපේක්ෂව රෝහල්ගත කිරීම්වල අඩුවක් පෙන්නුම් කෙරෙන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.
මේ අතර චීනයේ උතුරු ප්‍රදේශයේ නගරයක් වන මිලියන 13 කට ආසන්න පිරිසක් ජීවත් වන ෂියෑන් හි ලොක්ඩවුන් තත්වයක් පණවා තිබෙනවා.
ඒ ගතවූ පැය 24 තුළදී එම නගරයෙන් කොවිඩ් ආසාධිතයන් 52 දෙනෙකු වාර්තාවීමත් සමගයි.
ලබන පෙබරවාරි 04 වනදා ආරම්භ වන ශීත සෘතු ඔලිම්පික් උළෙලට කොවිඩ් වෛරසය බාධාවක් කර නොගැනීමයි චීනයේ සැළසුම් වී ඇත්තේ.