ලංකා සතොස ආයතනයේ දැවැන්ත පරිමාණයේ සුදු ළූණු වංචාවක් සිදුව ඇති බවට එල්ලවී ඇති චෝදනාව රජය අවංකව පිළිගන්නා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.
සුදුලූණු වංචාවක් සම්බන්ධයෙන් අනාවරණ වී ඇති තොරතුර පිළීබදව මේවනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සියලු කරුණු අනාවරණ කරගනිමින් සිටින බවත් මෙම වංචාව සම්බන්ධයෙන් හෙට දිනයේදී තමන් අමාත්‍යංශ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව වෙත කරුණු දක්වන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.