මහනුවර – නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්වල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 09 ක් සඳහා නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළේ – ගග ඉහළ කෝරළේ – දොලුව – දෙල්තොට – උඩපළාත සහ උඩුනුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශත් / නුවරඑළියේ අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයත් / රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට හා රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහාත් එය බලාත්මක වනු ඇති.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කලේ හෙට පස්වරු 02 දක්වා මෙම අනතුරු ඇගවීම බලපැවැත්වෙන බවයි.
