මහනුවර සහ කොළඹ අතර දුම්රිය ධාවන කටයුතු අද සිට නැවතත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව අද පෙරවරුවේ කාර්යාල දුම්රිය 04 ක් කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතයි. මාර්ග අලුත්වැඩියා කිරීම් හේතුවෙන් කඩිගමුව සහ බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය කල නොහැකි බැවින් ප්‍රාදේශීයව ධාවනය කෙරෙන සියලු දුම්රිය තාවකාලිකව නතර කර ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කලා.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට කරුණු දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා.