මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි.
පවතින කොවිඩ් වසංගතය හමුවේ මෙවර ඇසළ මංගල්‍යය ජනතා සහභාගිත්වයෙන් තොරවයි පැවැත්වෙන්නේ.
අද සිට ලබන 17 වැනිදා දක්වා කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරුණ ද එය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමිවන්නේ නැහැ.
ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ලබන 18 වැනිදා ආරම්භ වන අතර, 22 වැනි දිනට යෙදෙන පොහෝ දිනයේ දී අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත යි. 23 වන දින දහවල් දිය කැපීමෙන් දළදා පෙරහර මංගල්‍යය නිමා වනවා.
මෙවර පෙරහර සඳහා අලි ඇතුන් 100 ක් පමණද උඩරට නර්ථන – ගායන – වාදන කලා ශිල්පන් 5600 ක් පමණද සහභාගීවීමට නියමිතයි. පෙරහර මංගල්‍යයේ කටයුතු සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙලෙස කරුණු පැහැදිලි කලා.