වාලච්චේන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට උදැල්ලකින් පහරදුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී බරපතල තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.
සැකකරු මුව ආවරණයක් නොපැළඳ සිටීම හමුවේ එය පළඳින ලෙසට ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.
පොලිසිය කියාසිටියේ සෞඛ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට පහරදීම, අඩන්තේට්ටම් කිරීම මෙන්ම සාපරාධී බලහත්කාරය පෑම යන කරුණු සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසියයි විමර්ශණ සිදුකරන්නේ.
