අධික වර්ෂාවත් සමග මහඔයේ ජල මට්ටම විශාල ලෙස ඉහළගොස් ඇති බැවින් පහත්බිම් ප්රදේශවල දැනට පවතින සුලු ගංවතුර මට්ටම ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්වයක් බවට පත්විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
මේ අනුව ගිරිඋල්ල – මීරිගම – පන්නල – වෙන්නප්පුව සහ කටාන යන ප්රදේශවල මෙලෙස අධික ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස් පී සී සුගීශ්වර මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුනු පැහැදිලි කළා.
පවතින අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර මේවනවිට වාන් දොරටු විවෘත කර ඇති ජලාශ පිළිබදව වාරි මාර්ග අධ්යක්ෂ එස් පී සී සුගීස්වර මහතා මෙලෙස පැහැදිලි කළා.