වත්තල, කදිරාන පාලම මතදී සිය පස්හැවිරිදී දරුවා කැළණි ගගට විසිකර සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ කාන්තාවක් ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන පොලිසියට භාර දී තිබෙනවා.
කෙසේ වුවද අදාළ දරුවා මේ වන තෙක් සොයා ගැනීමට හැකි වී නැති බව පොලිසිය සදහන් කළා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වත්තල හැදල ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්. ඔහු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 42 ක සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වත්තල පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.