රට ගමන් කරන දිසාව කුමක්දැයි ආණ්ඩුවේ කිසිවෙක් නොදන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ පිරිස් පරස්පර මත පළ කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.
ඔහු මෙම අදහස් පල කලේ කොට්ටාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
තමා සාම්ප්‍රදායික විපක්ෂ නායකවරයෙක් නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.