පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව ඉකුත් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථාවකදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවා.
හරින් ප්‍රනාන්දු මහතා සමග අද දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ.
