සබරගමුව සහ මධ්‍යම පළාත්වල රථවාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
රටේ පවතින කොවිඩ් වසංගත අවදානම හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි එම පළාත් දෙකෙහි ලේකම්වරුන් දැනුම් දෙන්නේ.
මේ අනුව සබරගමුව පළාතේ රථවාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සදුදා සිට සැප්තැම්බර් මස 15වනදා තෙක් තාවකාලිකව අත්හිටුවන අතර මධ්‍යම පළාතේ රථවාහන බලපත්‍ර නිකුත් කිරීම ලබන අගහරුවාදා සිට සැප්තැම්බර් මස 14 වනදා තෙක් තාවකාලිකව අත්හිටුවනු ඇති.
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති කාලසීමාව තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සදහා දඩ මුදලක් අය කෙරෙන්නේ නැහැ.
