මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස භාවිත කරමින් පොදු මගී ප්‍රවාහන සේවා අද ආරම්භ කෙරෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ, කොළඹ සිට මහනුවර දක්වාත්, කොළඹ සිට කුරුණෑගල දක්වාත් සුඛෝපභෝගී බස් රථ සේවා පමණක් මෙලෙස ආරම්භ කෙරෙන බවයි.
කොළඹ සිට කුරුණෑගල දක්වා බස් ගාස්තුව රුපියල් 390 ක් වන අතර කොළඹ සිට මහනුවර දක්වා බස් ගාස්තුව රුපියල් 500 ක් වනවා.
