ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ සේවා සදහා යොදවා ඇති බර වාහනවලින් ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (31) පස්වරුවේ වේයන්ගොඩ වඳුරව ප්රදේශයේදීයි වැටලීම සිදුකර ඇත්තේ.
මෙහිදී ට්‍රැක්ටරයකට සම්බන්ධ කර ඇති බවුසරයක් මෙන්ම ටිපර් රථ 5ක් ද අත්අඩංගුවට ගෙන වේයන්ගොඩ පොලිසියට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.
