මතුගම බාලිකා පාරේ දී ඊයේ රාත්‍රියේ කාන්තාවකට වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම වෙඩි තැබීම සදහා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති අතර එම ස්ථානයේ වැටී තිබී ටී 56 උණ්ඩ කොපු 06 ක් කලූතර අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරින් සිදුකරන ස්ථාන පරීක්ෂා කිරීමේදී සොයාගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඝාතනය කිරීම සදහා අදාළ සැකකරුවන් පැමිණ ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනවලදී නිරීක්ෂණ වී ඇත්තේ.
එම අවස්ථාවේදී ඔහු නිවසේ සිටියද වෙඩි තැබීම්වලින් ඔහු බේරි ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ මෘත ශරීරය කලූතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් වන මතුගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මතුගම පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.