මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් ළමයින් පරීක්ෂා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පොලිසියට උපදෙස් මාලාවක් ලබා දි තිබෙනවා.
ඒ අනුව පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ඇති නම් පමණක් බව යි පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.
නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසත් ඒ අනුව පොලිස්පතිවරයා පොලිසියට දැනුම්වත් කර ඇති බව සඳහන්.
එසේම මෙම පරීක්ෂා කිරීමේ දී වීඩියෝගත කිරීමෙන් වළකින ලෙස ද,මාර්ගවල දී පාසල් සිසුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසට ද පොලිස්පතිවරයා නියෝග කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.
