භුමිතෙල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි කිරිම තමන්ට දරාගත නොහැකි බව වතුකරයේ ජනතාව පවසයි.
(11) දින මධ්‍යම රාත්‍රියේ සිට භුමිතෙල් මිල ඉහල දැමිම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් වතුකරයේ ජනතාව කියා සිටියේ භුමිතෙල් මිල වැඩි කලද මාස ගණනාවක් තිස්සේ ඉන්ධන පිරවුම්හල් වල භුමිතෙල් නොමැති බවයි.
භුමිතෙල් නොමැති නිසාත්, ගැස් මිල ඉහල යාම නිසාත්, තමන් තේ දර භාවිතා කරමින් ආහාර පිස ගන්නා බවත්, තමන්ට දෛනිකව ලැබෙන රු දහසක වැටුපෙන් ජිවත් විය නොහැකි බවයි වතුකරයේ ජනතාව කියා සිටින්නේ.
වතුකරයේ ජනතාව තිරිගු පිටි ආශ්‍රිත ආහාර පාන අනුභව කිරිමට පුරුදු වි සිටියද තිරිගු පිටි මිල ඉහල යාම හමුවේ තමන් ගැටළු රැසකට මැදි වි ඇත.
වතුකරය නියෝජනය කරන දේශපාලන නායකයින්ද ඔහුන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවා මිස වතුකරයේ ජනතාව ගැන සිතා මතා කටයුතු නොකරන බවයි වතුකරයේ ජනතාව කියා සිටියේ.
