සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

භූමිතෙල් බෙදා හැරීමේ ප්‍රමාදය සම්පූර්ණයෙන් අවසන් කිරීමට පියවර

Admin by Admin
10 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
වරකදී නිකුත් කරන භූමිතෙල් ප්‍රමාණය ලීටර් 05 කට සීමා කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අද (23) දිනය තුළ භුමිතෙල් බවුසර් 74 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමූපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07 කින් ඔවුන් වෙත අඛණ්ඩව භුමිතෙල් බෙදාහැරීම සිදු කරන බවය.

අනුමැතිය ලබා දී ඇති නමුත් මුදල් නොගෙවීම හේතුවෙන් ඊයේ (22) දිනයේ භුමිතෙල් නිකුත් කර නැති සියලුම පිරවුම්හල් වෙත අද (23) දිනයේ දී භුමිතෙල් නිකුත් කිරීමට උපදෙස් දී ඇති බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

තවද මේ දක්වා භුමිතෙල් බෙදීම සිදු නොකළ සමූපකාර පිරවුම්හල් 18ක් මගින් ද භුමිතෙල් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර පළාත් සමූපකාර කොමසාරිස්වරුන් හා ලේකම්වරුන්ගේ නිර්දේශ මත අවශ්‍ය මූල්‍ය පහසුකම් සමූපකාර ග්‍රාමීය බැංකු මගින් ලබා දී ඇති බවත් ඔහු පවසයි.

ධීවර ප්‍රජාව වෙත ඉන්ධන බෙදා හැරීම පිළිබඳ අධීක්ෂණය හා මෙහෙයවීම ඊයේ (22) සිට පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දිසාපතිවරු වෙත පවරා ඇති බවත්, ඒ අනුව හෙට( 24) වන විට ධීවරයින් වෙත භුමිතෙල් සැපයීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවටත් කීර්ති තෙන්නකෝන් මහතා විශ්වාසය පළ කළේය.

වත්තල හැඳල, බේරුවල (ධිවර වරාය), හැඳළ විජේසිංහ, ගාල්ල, අහුන්ගල්ල, තංගල්ල, නොරොච්චෝල, පුත්තලම, හලාවත වැල්ල, හලාවත අලුත්වත්ත, වැල්වැටිතුරේ, පුදුකුඩුඉරිප්පු, කයිට්ස්, ගුරුනගර්, තලයාඩි, මයිලෙඩ්ඩි, කලවංචිකුඩි ඇතුළු ස්ථාන රැසකට භුමිතෙල් බවුසර් තොග 28ක් ඊයේ (22) දිනයේදී නිකුත් කර තිබුණි.
මීට අමතරව ධීවර දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ධීවර වරාය 14 ක ද භුමිතෙල් හා ඩීසල් ඉන්ධන ධීවරයින් වෙත නිකුත් කිරීම අඛණ්ඩව සිදු කෙරේ.

එසේම ධීවරයින්ගේ අවශ්‍යතා සඳහා ඉන්ධන සැපයීමේ වගකීම නොවැම්බර් 22 වන දින සිට දකුණ, බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චි, මුලතීව්, ත්‍රිකුණාමය, මඩකළපුව සහ අම්පාර දිසාපතිවරුන් මගින් ද, ධීවර දෙපාර්තමේන්තුව මගින් ද ධීවරයින්ගේ ඉන්ධන අවශ්‍යතා විමසා බලනු ලැබේ.

ධීවර කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීමේ දුෂ්කරතාවක් පවතී නම් ධීවර සමිති හා ව්‍යාපාරිකයින්ට අදාළ දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා හෝ පළාත් ප්‍රධාන ලේකම්, සමූපකාර ලේකම් වෙත ඉල්ලීම් යොමු කරන ලෙස ජනාධිපති ප්‍රජා කටයුතු අංශය වැඩි දුරටත් දැනුම් දී තිබේ.

Admin
Tags: ධීවරභූමිතෙල්
Previous Post

පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් කොමිසමක් – අල්ලස් වංචා සම්බන්ධයෙන් දැඩි දඬුවම්

Next Post

මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට

මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In