ප්‍රබල භූමිකම්පාවෙන් ඇෆ්ඝනිස්ථානයට සිදුවූ විනාශයත් සමග තලේබාන් සංවිධානය විසින් ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා තිබෙනවා.
රටවල් සහ සංවිධාන ගණනාවක් විසින් ඔවුන්ට සම්බාධක පණවා තිබීම හමුවේ සහන සැලසීම අවිනිශ්චිත තත්වයකට පත්වීම ඊට හේතුවයි.
කෙසේවෙතත් පවතින තත්වය සළකා බලා උපකාර කරන ලෙසයි තලේබාන් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඇෆ්ඝනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් ලෙස සටහන් වු ප්‍රබල භූමිකම්පාවක් හමුවේ 1000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තවත් 1500 ක් පමණ තුවාල ලබා තිබෙනවා.
කෙසේවෙතත් සුන්බුන් අතර සිරවී තවත් විශාල පිරිසක් සිටින බවද සඳහන්.