වෙළදපල තුළ දැනට පවතින භාණ්ඩ හිගයට ස්ථිර විසදුමක් ලබාදීමට අවශ්‍ය තීරණ අනිද්දා (24) පැවැත්වෙන ජීවන වියදම් කමිටු රැස්වීමේදී ගැනීමට බලාපොරොත්ත වන බව පාරිභෝගික ආරක්ෂන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදීයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
අදවනවිට වෙළදපල තුල කිරිපිටි ඇතුලු ආහාර ද්‍රව්‍ය මෙන්ම සිමෙන්ති වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් ඇති බව තමන් පිළිගන්නා බවද ලසන්ත අලගියවන්න මහතා මෙහිදී කියා සිටියා.