පවතින ඩොලර් අර්බුදයත් සමග විදේශයන්හි ඇති තවත් තානාපති කාර්යාල පවත්වාගෙන යා යුතුද යන්න විමසා බලමින් සිටින බව රජය අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කලා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කල විමසිමකට පිළිතුරු දුන්නේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතායි.
කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විf–සිරි මහතාද එහිදි අදහස් පළකලා.
මේ අතර ඉදිරියේදී දැඩි ආහාර හිගයක් ඇති වනු ඇති බවට පූජ්‍ය අතුරළියේ රතන හිමියන් අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකලා.
ඊට පිළිතුරු දුන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී අදහස් පළකලා.
භාණ්ඩ මිළ ඉහළ ගොස් ඇතැයි රජය පිළිගන්නා බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනතුරුව කියාසිටියේ.
මේ අතර ඖෂධ හිගය පිළිබඳ සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කල විමසීමකට ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රතිචාර දැක්වූවා.
