අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළ යාම සම්බන්ධයෙන් පාලක පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අවස්ථාවක සතුටු නොවන බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
ඔහු මේ බව කියාසිටියේ අද පැවති පක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.
පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි ඉන්දීය විදේශ ලේකම්වරයා සිය සංචාරය අතරතුරදී කිසිදු අවස්ථාවක බලපෑම් නොකල බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වු මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.