අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළදැමීමට සමාගම්වලට අවසරදීමෙන් ජනතාවට සිදුවන පාඩුවට වගකියන්නේ කවුදැයි සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනවා.
කිරිපිටි සහ ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාවට පෝලිම්වල සිටියයුතු තත්වයක් වත්මන් ආණ්ඩුව රටට අත්කරදී ඇති බවයි විපක්ෂනායක කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා චෝදනා කර සිටියේ.