දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (27) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව බස්නාහිර – සබරගමුව – මධ්‍යම – සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලමිීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. උතුරු – නැගෙනහිර පළාත්වල උදාසන කාළයේදීද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඊයේ නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීම පිළිබඳ නිවේදනය අද පස්වරු 3 වනතෙක් වලංගු වනවා.
කොළඹ කලුතර – මහනුවර – කුරුණැගල – මාතලේ – නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් කළාප ලෙස හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහායි ඊයේ මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කෙරුණේ.