බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් හමුවීමේ සිදුවීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
මෙම සිදුවීම රජය ඇතුලු රටේ ආරක්ෂක අංශ අපහසුතාවයට පත්කරන ආකාරයේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් විය හැකි බවයි සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විසින් මෙම සිදුවීමට අදාළව කළ ප්‍රකාශ සම්බන්ධව බඩල්ගමදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.