බේකරි කර්මාන්තය සදහා භාවිත කරන කිලෝ 37 ක විශාල ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 750 කින් ඉහල නංවා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ මෙවන් හදිසි මිළ වැඩි කිරිම් හේතුවෙන් බේකරි හිමියන් දැඩි දුෂ්කරතාවයකට පත්වන බවයි.