පසුගිය දින කිහිපය තුළ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවලින් වාර්තා වූ භූ කම්පන එම ප්රදේශවලම ඇති වූ භූ කම්පන තත්ත්වයක් බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය පවසනවා.
එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම පැවසුවේ බුත්තල හා වැල්ලවාය ප්‍රදේශවල සිදුවූ භූ කම්පන ඉන්දු – ඔස්ටේ්රලියානු තල මායිමේ ඇති වූ භූ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවට ඇතමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
ඉන්දියානු සාගර ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස බුත්තල, වැල්ලවාය ප්‍රදේශවල භූ කම්පන සිදුවූයේ නම් විනාඩි 7 ක් වැනි කෙටි කාලයක් තුළ එම භූ කම්පන සිදුවිය යුතු බවද භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
