නවගමුව පොලිස් වසමේ රණාල ප්‍රදේශයේදී කාන්තාවක විසින් සිය සැමියාට තියුනු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා බිරිදට පොල්ගෙඩියකින් පහරදීමෙන් පසුව ඊයේ රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් වන යාය හත මොරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
නවගමුව පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.