මීලගට ජනාධිපතිවරණය කැඳවන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ පිරිසක් සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා විසින් නුදුරේදීම තම ඇමරිකානු පුරවැසි භාවයද ඉවත් කර ගැනීමට සුදානමක් ඇති බව ද හෙතෙම කියා සිටියි.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
