ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෲ බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම අද දිනයේදි නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඔහු අද පෙරවරු 11 ට බත්තරමුල්ල පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇති අතර එහිදී සිය තීරණය දැනුම් දෙනු ඇති බව සඳහන්.
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පූර්ණ කාලිනව පක්ෂය මෙහෙයවීමේ කටයුතුවල නිරත වීම බැසිල් රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි පොදු ජන පෙරමුණේ ඉහළ නිලධාරියෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.
බැසිල් රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත අද හෝ හෙට යවනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කලා.
බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් පුරප්පාඩුවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිහිප දෙනකුගේ නම් යෝජනා වී ඇති අතර, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නමද ඒ සඳහා යෝජනා වී ඇතැයි නිල නොවන වාර්තා පවසනවා.
කිසියම් අයුරකින් ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දුනහොත් ඔහුට ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍ය ධුරයක් හිමිවීමටද නියමිත බව වැඩිදුරටත් වාර්තාවනවා.
