අහිතකර බැක්ටීරියා ඇති බවට තහවුරු වීමත් සමග ප්‍රතික්ෂේප කළ චීනයෙන් ගෙන්වූ පොහොර නැවත වරක් පරීක්ෂා කිරීමේ එකගතාවයකට පැමිණ ඇති බවට රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අනුව චීන සමාගමේ එම කාබනික පොහොර දෙපාර්ශවටයම පිලිගත හැකි ආයතනයකට යොමු කර නැවත වරක් පරීක්ෂා කර පසුව තීරණයකට එළැඹීමට ඉල්ලීම් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.