ගුරු ගැටලු සදහා විසදුම් ලබාදීමේදී බාහු බලය නොව භාවිත කල යුත්තේ බුද්ධියේ බලය බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් අද කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන සත්යග්රහ ව්‍යාපාරය අතරතුරදී මාධ්‍යට අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව කියා සිටියා.
සිය ගැටලු විසදීම සදහා පත්කල කැබිනට් අනුකමිටුවේ ඇතැම් අමාත්‍යවරුන් පළකරන අදහස් මහින්ද ජයසිංහ මහතාගේ විවේචනයටද ලක්වුණා.