බාල වයස්කාර ළමුන්ට කොවිඩ් එන්නත් ලබාදීම සඳහා ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය පරිපාලනය වෙතින් මේ දක්වා අනුමැතියක් ලැබී නොමැති බව එරට අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් එන්නත්කරණයේදී වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු බවයි අගමැතිවරයා අවධාරණය කර සිටින්නේ.
එම වයස් කාණ්ඩයට කොවිඩ් වෛරසය බලපාන ආකාරය සාපේක්ෂව වෙනස් මට්ටමක පවතින්නේ යැයි පරික්ෂණවලින් තහවුරු වී තිබීම ඊට හේතුවයි.
කෙසේවෙතත් වෛද්‍ය අනුමැතිය ලද වහා ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවද අගමැති මොරිසන් ප්‍රකාශ කලා.
මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට සිංගප්පූරුවට ඇතුලූවීමට අවසර දී තිබෙනවා.
ඒ අනුව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ටේ්‍රලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට මෙන්ම ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට නිරෝධායනය වීමකින් තොරව සිංගප්පූරුවට ඇතුළුවීමට අවස්ථාව හිමිවනු ඇති.