බාල වයස්කාර දැරියක ලිංගික ක්‍රියා සඳහා විවිධ පුද්ගලයින් වෙත අලෙවිකළ සැකකරුවෙකු මාර්තු 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අදාළ බලවයස්කාර දැරිය කුට්ටනය කිරීම සහ ස්ත්‍රී දූෂණ යන වැරදි සම්බන්ධයෙන් වයස අවුරුදු 36 ක් වන මෙම සැකකරු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශන අනුව සැකකරු ස්ථීර රැකියාවක් හා ස්ථීර පදිංචියක් නොමැති පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
ඊට අමතරව සැකකරු වසර 18 ක් පමණ කාලයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් යොදවා ගනිමින් ගණිකා ජවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවද සදහන්.
මෙම සැකකරු රැකියාවක් සිදුනොකරන පුද්ගලයෙකු බවත් ඔහු විසින් පවත්වාගෙන ගිය බැංකු ගිනුම් 08 ක රුපියල් කෝටි 04 කට අධික ගණුදෙනු සිදුවී ඇති බවටත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඊට අදාළව නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කලේ.
තවද දිවයිනේ තවත් ප්‍රදේශවල ගණිකා නිවාස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ඔහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර අදාළ දැරිය මෙන්ම දැරියගේ මවද ඔහු විසින් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද සදහන්.
සැකකරුගේ වෙනත් නීතිවිරෝධි වත්කම් අනාවරණය කරගැනීම සදහා නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.